ජාතික ජනබලවේගයට බලය හිමි බේරුවල නගර සභාවේ 2027 වර්ෂයට අදාළ අය-වැය වැඩි ඡන්ද 1කින් පරාජයට පත්ව ඇතැයි වාර්තා වේ.
නගර සභාවේ සභාපති මොහොමඩ් මාබාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශ්‍රවණාගාරයේදී අද (10) පැවති මාසික රැස්වීමේදී මෙම අයවැය විමසීම සිදු කෙරුණු අතර, අයවැය විමසන අවස්ථාව මාධ්‍යයට ආවරණය කිරීම තහනම් කර තිබු බව වාර්තා වේ.
ජාතික ජනබලවේග පක්ෂයට බේරුවල නගර සභාවේ බලය හිමිව තිබුණේ සමගි ජන බලවේග පක්ෂයේ සභිකයන් 6 දෙනෙක් එක් කර ගැනීමෙනි. ඔවුන්ට ආසන 3ක් පමණක් හිමිව තිබුණි.
විපක්ෂයට මන්ත්‍රී ධුර 7ක් හිමිව ඇති මෙම නගර සභාවේ අය-වැය අවස්ථාවේ සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරුද්ධව ඡන්දය ලබා දුන් අතර එක් අයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.





