/ Jan 29, 2026

ප්‍රශ්න වලට විසඳුම් දෙන්න GMOA ඇමතිට පැය 48ක් දෙයි!

දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී ඇති වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ඵලදායී මැදිහත්වීමක් සිදු නොකළහොත් පැය 48 කට පසු තම ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසන්නේ ගැටළු විසඳීම වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට ඇමතිවරයා චෝදනා නොකළ යුතු බවයි.

“ මේ සඳහා මැදිහත්වීමට අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට පැය 48ක කාලයක් ලබා දෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට හෝ අපි හදිසියේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුව පැමිණිලි නොකළ යුතු බව අපි පැහැදිලි කිරීමට කැමතියි,”

වැටුප් ගැටලුව, සේවා ව්‍යවස්ථාව, ස්ථාන මාරු ක්‍රමවේදය ඇතුළු ඉල්ලීම් කිහිපයක මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දිනවල සංකේත වදවර්ජනද සිදුකළ අතර මේ වන විටත් ඔවුන් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කර තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුව පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් අසාධාරණ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top