/ Mar 15, 2026

ආණ්ඩුවේ වංචා වහගන්න අපිව උසාවි ගෙනල්ලා පලක් නැහැ – නාමල්

ආණ්ඩුවේ වංචා වසා ගැනීමට විපක්ෂයේ අය අධිකරණයට කැදවීමෙන් පලක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා,

”මේ අය ආවේ රටේ ජනතාවට සේවය කරන්න සහ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඉතින් තිබුනටත් වඩා සිස්ටම් එක පස්සට ඇදගෙන යන ගමන් මේ සම්පූර්ණ සිස්ටම් එක විනාශ කරගෙන යන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා තමයි මට දැනෙන්නේ මේ අය කලබල වෙලා තියෙන්නේ කියලා. මොකද ඒ අයටත් දැනෙනවා ඇති දැන් ටික ටික සමාජය තුළින් රට තුළින් තමන්ට විරෝධයක් එල්ල වෙන කියන කාරණය ගැන. ඔව් දැන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ඇතුළම එක්තරා ඇමතිවරයෙක් නැගිටලා කිව්වනේ ජනවාරි මාස හිරේ දානවා කියලා. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉස්සරහ පේලියේ නැගිටලා කිව්වා ජනවාරි මාසෙ බලාගමු හිරේ දානවා කියලා අවශ්‍ය කැඳවීම වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට කණගාටුයි. අන්දරේ රජවෙලා. අද රජා අන්දරේ කෙනෙක් වෙලා ඉන්නකොට පැලවත්තෙන් පත් කරපු පොලිස්පතිවරයා රටේ පොලීසිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දන්නේ නෑ.

මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියලා ලියුම එන්න සතියකට පෙර හම්බන්තොට උසාවියට මෝසමක් දාලා, පොලිසියත් කැඳවලා. උසාවියට මට පෙනී සිටින්න එදිනට වෙන්නෑ කියලා කියලා දැනුම් දුන්නා. මාධ්‍යයෙත් ගියා. ඒ එක්කම ඉතිං මාලිමාවේ සම්බන්ධ බොහෝ අය කලබල වෙලා මට බනින්නත් පටන් ගත්තා. හැබැයි අනිත් පැත්තට උදේ නවය හමාරට පෙනී හිටින්න කියලා නමයයි පනහට ලියුමක් ගෙනත් දෙනවා තංගල්ලට. පොලිස්පතිවරයා දන්නේ නෑ තංගල්ල ඉඳලා කොළඹට තියෙන දුර ගැන. ඉතින් නමය හමාරට එන්න කියලා නමයයි පනහට ලියුම ගෙනත් දීලා තංගල්ලෙන් කොළඹට එන්න කිව්වම කොහොමද එන්නේ? අනික එදා දිනේ කොහොමත් හම්බන්තොට උසාවි දිනේ. ඒ නඩුවත් පොලීසිය තමයි මෙහෙයවන්නේ. ඒ නඩුවත්, අර උද්ඝෝෂණයට ගිහිල්ලා හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ බේරගන්න. ඒ පොලිස්පතිවරයා කොහෙද සංවිධානාත්මක අපරාධ නවත්වන්නේ පොලිස්පතිවරයා දන්නේ නැත්නම් තමන්ගේ පොලීසිය මොන අධිකරණයද මොන තැන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔහු ඊට පස්සේ එතනින් එහාට සංවිධානාත්මක අපරාධ වළක්වගන්නව තියා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවත් මේ පොලීසියට හැකියාව ලැබේද කියලා ප්‍රශ්නයක් තියෙනවා.”

1 thought on “ආණ්ඩුවේ වංචා වහගන්න අපිව උසාවි ගෙනල්ලා පලක් නැහැ – නාමල්”

  1. Ampare Somasiri

    The biggest rouges and murderers in this country are your family . NPP government is very soft on your family. We cannot see any difference between NPP and Yahapalanaya. If an ordinary person is asked to come to FCID and gives a statement ,police will not allow them 2 weeks to come an give the statement. Rajapakses have already taken around 10 years on this crime. What Minister Lal Kanthe said was very very True. NPP has the Government power( with 2/3rd majority) but no state power. It is with Rajapakses and Wicramasinghes. Please assume state power immediately and punish Rajapakses who make this country bankrupt by robbing the country

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top