අධිකරණ වරෙන්තු පිට පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටියදී තිනියාවල ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (4) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලැබීය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිට පසුව ජනාධිපති සමාව ලැබ නිදහස් කළ එම හිමියන්ගේ ජනාධිපති සමාව පසුගිය දා බලරහිත කරනු ලැබුවේ නියමිත ක්‍රියාපටිපාටියෙන් තොරව එම සමාව ලබා දී තිබුණු බව නිගමනය කළ අභියාචනාධිකරණය විසිනි.
ඉන් පසුව අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කළ අතර, පසුගිය කාලය පුරා ඒ හිමියන් පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටියේ ය.





