/ Feb 06, 2026

ආවත් එකයි නාවත් එකයි – CID ආපු නාමල් ඇතුළට යන්න කලින් කියූ දේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ඔහුට සහය පළකරමින් හිටපු මැති ඇමතිවරු ප්‍රමුඛ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් එම ස්ථානයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට යාමට පෙර ඔහු මාධ්‍ය හමුවේ පැවසුවේ ”ආවත් එකයි නැත්ත එකයි. ආණ්ඩුව දැනගන්න ඕනේ අපිව ගෙනල්ලා ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව වහගන්න බැහැ. ආණ්ඩුව කන්ටේනර් පන්නපුව වහගන්න බැහැ.” යනුවෙනි.

මෙලෙස අද දින මන්ත්‍රීවරයා කැඳවා ඇත්තේ ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වා ඇත්දැයි ප්‍රශ්න කිරීම සඳහා බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top