ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ.
දින කිහිපයකට පෙර මෙම සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේම් කාර්යාලය අසල උපවාසයක් ආරම්භ කළ අතර ඔවුන් බලකර සිටියේ විභාගයට පෙනී නොසිට සිටියේ ගුරු සේවයට අනියුක්ත කරන ලෙසයි.
වසර 7ක පමණ කාලයක් ඔවුන් පාසල් තුළ ඉගැන්වීම් කටයුතු සිදුකර ඇති හෙයින් ගුරු සේවා විභාගයේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔවුන් දිගින් දිගටම අවධාරණය කළේ.
කෙසේවෙතත් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට ඇතුලත් වීමට නම් තරඟ විභාගය සමත් වීම අනිවාර්ය කාරණයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී රැකියා විරහිත උපාධිධාරීන්ට රැනියා ලබාදීමේ වැඩසටහන යටතේ පනස් තුන්දහසකට අධික පිරිසකට රැකියා ලබා දුන් අතර ඔවුන් බඳවා ගත්තේ සංවර්ධන නිලධාරීන් ලෙසයි.
ඔවුන්ගෙන් පිරිසක් පාසල් ක්ෂේත්‍රයට බඳවා ගැනීම් කළ අතර ඒ පරිපාලන කටයුතු වෙනුවෙනි.
කෙසේවෙතත් ඇතැම් සංවර්ධන නිලධාරින් ඉගැන්වීමේ ක්‍රියාවලියටද යොදවා තිබුණි.
ඒ අනුව එම සංවර්ධන නිලධාරීන් තරඟ විභාගය නොසලකා හැර ගුරු සේවයට බඳවා ගන්න ලෙසයි බලකරමින් පැවතුණේ.
කෙසේවෙතත් අද දිනයේ ජනාධිපතිවරයා සහ ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් අතර පැවති සාකච්ජාවේදී ඔවුන් මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ඒවා විසඳීමට ජනාධිපතිවරයා මැදිහත්ව තිබේ.
සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවත්, පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් සඳහන් කරමින්, ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර ඇත.





