/ Feb 06, 2026

පැල්පිට යළි රිමාන්ඩ්!

අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව එළැඹෙන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top