/ Feb 11, 2026

රණසිංහ එදිරිව රණසිංහ – විචාරකයන්ට තඩි බාන්න නළුවන්ට ලයිසන්ද ?

ෆාදර් ෆිල්ම් එකේ ප්‍රිමියර් එක දවසෙ ලක්මිණ රණසිංහට – ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් පහර දුන් බවට වන සිදුවීමක් නැවතුණ් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ.

ලක්මිණ කියන්නෙ මාධ්‍යවේදියෙක් අපි දන්න තරමින්. හේමාල් රණසිංහගේ රංගනය ගැන සමාජ මාධ්‍යයේ ලක්මිණ කිව්ව යම් යම් දේවල් නිසා දෙන්නා අතර මතභේදයක් කාලයක් තිස්සෙ පැවතුණා කියලා කියනවා.

ෆාදර් ප්‍රිමියර් එක දවසෙත් මේක මතු වෙලා හේමාල් තමන් වෙත සාපරාධී පහරදීමක් සහ බියගැන්වීමක් සිදු කළා කියලයි පැමිණිල්ලෙ තියන්නෙ.

සීසීටීවී කැමරාවල විමර්ශන අවසන් නිසා ඉක්මනින් තීන්දුවක් ලැබෙන්න නියමිතයි.

විචාරකයන්ගෙ සහ නිර්මාණකරුවන්ගෙ අතර විවිධ කෝන්තර – ප්‍රශ්න, ගැටුම් ඇති වුණේ අද ඊයෙක නෙවි.

කොහොම වුණත් ජයවිලාල් විලේගොඩ වර්ගයෙ හෝ ගම්ලත්ගෙ වර්ගයෙ විචාර අද ලියැවෙන්නෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි එක්තරා තරුණ මදයෙන් යුක්ත නිර්මාණකරුවෙක්ගෙ නිර්මාණයක් ( කියන්නත් බැරි) එකකට විවේචනය කළා කියලා ඒ පුද්ගලයා ප්‍රියන්තගෙ වෘෂණ තලන බවට තර්ජනය කළා. ඒකෙන් නොනැවතී, ප්‍රියන්තට මඩ ගහන්න ෆිල්ම් එකට කොටසුත් එක් කළා. දේශමාන්‍ය කියලා තමන්ව හඳුන්වාගත්ත ඒ ඊනියා නිර්මාණකරුවා අද ක්ෂේත්‍රයෙන්ම අතුරුදහන්.

හේමාල් ගැන ගත්තත් එහෙමයි, පහුගිය කාලෙ පුරාවටම හේමාල්ගෙ රඟපෑම් සාර්ථක නෑ. ඒක ඔහුගෙ සිනමාපට දිහා – ගණන් ඉලක්කං දිහා බැලුවම තේරෙනවානෙ.

විවේචන භාර ගන්න සූදානම් නැත්නම් නිර්මාණවලට සම්බන්ධ නොවී ඉන්න ඕන. විවේචන සමසිතින් භාරගන්නත් හොඳ පරිණතකමක් ඕන.

විචාරකයො එක්ක නිර්මාණකරුවො, රංග ශිල්පියො ගැටුම් ඇති කරගන්නවා කියන්නෙ හොඳ දෙයක් නෙවි.

ඒ වගේ ම විචාරකයො දැනගන්නත් ඕන කරන විචාර පෞද්ගලික පහරගැසීම් නොවන විද්‍යාත්මක තැනකට ගේන්න.

අපේ කල්පනාව නම් ගමේ චණ්ඩි වගේ ශරීර භාෂාවෙන් ගැටුම් විසඳන්න ගිය එක හේමාල්ට තරම් නොවන දෙයක් කියලා.

නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ. ජනප්‍රිය තියා මොකක් වුණත්. හේමාල්ට ප්‍රශ්නයක් තිබුණා නම් ලක්මිණට එදිරිව නීතිය ඉස්සරහට යන්න තිබුණා.

ඒ නිසා හේමාල් මේ හැසිරීම පාලනය කරගන්න එක හොඳයි කියන එක තමා අපේ කල්පනාව නම්.

  • කලාබර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top