ආණ්ඩුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඝට්ටනකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර වැටුප්, සේවා ව්‍යවස්ථාව, ස්ථාන මාරු ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගන්මින් පසුගිය දිනවල සංකේත වැඩවර්ජන පවා සිදුකළ අතර මේ වන විටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යටත්ව ඔවුන් සේවය කරමින් පසුවෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ආණ්ඩුව අතර පැවති සීතල යුද්ධය කරළියට පැමිණියේ 2026 අයවැය යෝජනා මුල් කරගනිමින්ය.
ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ අයවැය යෝජනා ලෙස සිය සංගමය ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර නැති අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් හෝ නොලැබුණු බවයි.
කෙසේ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට අයවැය මඟින් නිසි විසදුම් දී නොමැති බවට ඔවුන් අවධාරණය කරන්නට විය.
එමෙන්ම 2027 අයවැය ඉදිරිපත් කරන තුරු රජයේ සේවකයින්ට කිසිදු දීමනාවක් වැඩි නොකරන බවටද ජනාධිපතිවරයාද පසුගියදා අවධාරණය කරන ලදී.
ඒ අනුව මේ වන විට ආණ්ඩුව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් ගොඩනැගී තිබේ.
මෙවන් පසුබිමක හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
හිටපු අමාත්‍යවරයා පවසා තිබුණේ යහපාලන රජය සමයේ සිදු වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ කුමන්ත්‍රණකරුවන්ගේ පැත්ත ගත් අතර, ලෝකයේ කිසිදු රාජ්‍යයක් කුමන්ත්‍රණයෙන් බිහිකළ රජය පිළිනොගන්නා තත්ත්වයක් තිබිය දී, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණකාරී රජය පිළිගන්නා ලෙස ඉල්ලමින් තානාපති කාර්යාලවලට ලිපි ලියා ඇති බවයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් මැදිහත්වන වෘත්තියක් සමිතියක් බවට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා යම් කිසි ඇඟවුමක් ලබා දී තිබේ.
රාජිත සේනාරත්න මහතාද සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහු සමඟද පැවතියේ මතභේදාත්මක තත්ත්වයකි.





