/ Feb 11, 2026

හීන මනමාලයාගේ කලඑළි බැහිල්ල කෙසේ වෙතත් තව කොච්චර කාලයක් එළියේ ඉදීවිද බලමුකෝ – ඇමති නලින්ද

අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන බව ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැකගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා ටිප්ටොප් මනමාලයෙක් එන්න නියමිතයි කියලා ඉදිරි ඡන්දයේදී හොඳම සුදුසුස්සා හැටියට. මේ මනමාලයා මොනවගේ වෙයිද? යනුවෙන් මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ඉස්සෙල්ලා බලන්න ඕනෙ මනමාලයා තව මාස කීපයක් එළියෙ ඉඳියිද කියලා. මොකද සීඅයිඩී එක එෆ්සීඅයිඩී එක ඒ ගොඩක් අයට එරෙහිව පරීක්ෂණ සිදුකරලා අවසන් අදියරේ පවතින්නෙ. නඩු ගොනු කෙරෙමින් පවතිනවා. ඉතින් ඔය ඒ හීන ඔළුවෙ තියන් ඉන්න අය ඉස්සෙල්ලාම ඒ නඩු කටයුතු ගැනත් බලන්නට ඕනා. එළියෙ හිටියොත් ඡන්දෙට ඉල්ලන්න පුළුවන් වෙයි. මං හිතන්නෙ අධිකරණය තමන්ගෙ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන බවට ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැකගන්න ලැබෙයි”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top