/ Feb 16, 2026

ආනන්ද විජේපාල වහාම ඉල්ලා අස්වෙන්න – එජාපය විශේෂ නිවේදනයක් නිකුත් කරයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි එජාපය පවසන්නේ.

පසුගිය කාලය තුළම මෙවැනි අපරාධ සිදුවූ නමුත් ඒවා වළක්වා ගැනීමට අමාත්‍යවරයාට තවදුරටත් නොහැකි වී ඇති බව ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඒ අනුව මෙම ඝාතන සම්බන්ධයෙන් ගතයුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් ගැන එජාපය කරුණු දක්වා ඇත. නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මෙම කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත්කළ යුතු බව දක්වා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැමැත්ත ද ඊට ලබා ගත යුතු බව එජාපය දැනුම් දෙයි.

නිසි ආරක්ෂාව ලබාදීම සහතික කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නීතිඥයින් හට උපරිමයෙන් සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top