/ Feb 23, 2026

ඌන සේවා සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ටත් ගුරු සේවයට පැමිණිමට අවස්ථාව දෙන්න – විපක්ෂ නායක ඉල්ලයි

පුරාවිද්‍යා උපාධිය ලැබූ උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටින නමුත් ඔවුන්ට චක්‍රලේඛ නුව ඉතිහාසය ඉගැන්වීම සිදු කළ නොහැකි හෙයින් ඔවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර සාධාරණත්වය ඉටු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලයි.

මේ අතර ඌන සේවා උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවය කරන අතර අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස රාජ්‍ය සේවයට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි දක්වා සිය අධ්‍යාපනය වර්ධනය කර ගෙන ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඔවුන්ට ද ගුරු සේවයට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසයි විපක්ෂ නායකයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2025.06.30 ලෙස සඳහන්ව තිබුණු නමුත් එම දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයා සිය ප්‍රසාදය පළකර තිබේ.
ක සභාව හා එක්වෙමින් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top