ගෙවුණු ජනවාරියේ තේ අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 121.7 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරියේ උපයා තිබූ ඩොලර් මිලියන 112.7 ට සාපේක්ෂව 8% ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ වසරේ ජනවාරි මාසය තුළ තේ කිලෝ ග්‍රෑම් මිලියන 20.71 ක් අපනයන කර තිබේ. එය පසුගිය වසරේ ජනවාරි මාසයේ අපනයනය කර තිබූ තේ කිලෝ ග්‍රෑම් මිලියන 19.37 ට සාපේක්ෂව 7% ක වැඩි වීමකි.
මෙරට තේ ගැනුම් කරුවන් අතර තවමත් ඉරාකය ඉදිරියෙන් සිටින අතර ගෙවුණු ජනවාරියේ දී ඉරාකයට අපනයනය කර තිබෙන තේ කිලෝ ග්‍රෑම් ප්‍රමාණය මිලියන 2.95 කි.





