/ Feb 05, 2025

පාරිභෝගික අධිකාරියෙන් සහල් ජාවාරමක් ගැන අනාවරණයක්

‍රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරයි.

වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේය.

මේ අතර පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.

ඊයේ දිනයේ සිදුකළ වැටලීමක දී වැඩි මිලට සහල් අලෙවි කළ ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට එරෙහිව රුපියල් ලක්ෂ 10ක දඩයක් පැනවීමට ද කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top