/ Mar 04, 2026

28 දා ඉඳන් දකින්න නෑ : නෙතන්යාහු කෝ?

ඊශ්‍රායෙල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය පෙබරවාරි 28 වෙනි දින සිට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම හෝ නිවේදන ආදිය නිකුත් කිරීම කර නැති බැවින් ඔහු ජීවතුන් අතර සිටිනවාදැයි විදේශ ප්‍රවෘත්ති සේවා සැක පළ කරති.

නෙතන්යාහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ප්‍රකාශයක් කළේ පසුගිය 28 වැනිදා ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කුමෙයිනි මරා දැමීමෙන් පසුවය.

ඊශ්‍රායෙලයේ ටෙල්අවීව් නුවර අගමැති කාර්යාලයද ඉලක්ක කර තමන් ප්‍රහාර එල්ල කළ බවත් ඉන් අගමැතිවරයා මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවත් ඉරානය පවසයි. සමහර මාධ්‍ය වාර්තා කරන්නේ ආරක්ෂාව පිණිස නෙතන්යාහු ජර්මනියට පළා ගොස් ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top