2026 මාර්තු 09 වන දින ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) කටයුතු නිල වශයෙන් අනුප්‍රාප්තික සමාගම් වෙත පවරා දීමෙන් අනතුරුව, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (EDL) සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (NTNSP) යන සමාගම්වල කළමනාකාරිත්වය විසින් සියලුම සේවකයින් වෙත දැඩි නියෝගයක් නිකුත් කර ඇත.
අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ඔවුන් නීත්‍යානුකූලව තම රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව ඉන් අවධාරණය කරයි.
2026 පෙබරවාරි 28 දින නිකුත් කරන ලද අංක 2477/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීම බරපතළ වරදක් බැවින් වර්ජනයේ නියැලී සිටින සියලුම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නියෝග කර ඇත.
මෙම නියෝග කඩ කරන සේවකයන්ට එරෙහිව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනය වැඩිදුරටත් පවසයි.





