සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම මේ දක්වා මෙරට ආරක්ෂක අංශය වෙත නිල වශයෙන් දැනුවත් කර නොමැති බව වාර්තා වන අතර ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ යුරෝපයේ රටකදී බව වාර්තා වෙයි.
ඔහු මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති අතර අනතුරුව ඔහු යුරෝපයේ රටකට පලාගොස් දිට ඇති බව සඳහන්.
සැකකරුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනාද එල්ල වී ඇති බවද දැක්වෙයි.





