මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි දිනෙන් දින වෙනස්කම් සිදුවන බව නිරන්තරයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉකුත් දා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 119 ක උපරිම අගයක් දක්වා තියුණු ලෙස ඉහළ ගියද, මේ වන විට එම අගය ඩොලර් 90 ට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇත.
යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ වෙළඳපොළේ පැවති දැඩි නොසන්සුන්තාවය යම්තාක් දුරකට සමනය වී තිබේ.
ඒ අනුව, ඉරානය ආශ්‍රිත යුද ගැටුම් හමුවේ පවා ආසියානු වෙළඳපොළ තුළ තෙල් මිල මේ වන විට සාපේක්ෂ ස්ථාවරත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.





