/ Mar 12, 2026

උතුරට අලුත් වැඩක්!

ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ රුපියල් මිලියන 15 ක වියදමින් වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉරට්ටපෙරියකුලම් ග්‍රාම සේවා වසමේ, යාපනය – කොළඹ මාර්ගයට මුහුණලා සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

යාපනය – කොළඹ මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට හා රියදුරන් හට ගිමන් නිවා ගැනීම සඳහා සියළු පහසුකම් සහිතව සැලසුම්කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභීන් 14 දෙනෙකු සවිබලගැන්වීමට අපේක්ෂිතයි. ඊට අමතරව වක්‍ර ප්‍රතිලාභීන් 30 දෙනෙකුට පමණ ආදායම් අවස්තා හිමිවේ.

ප්‍රනීත ආහාර පාන, විවිධ නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ ඇතුලත් වෙළඳ කුටි, සනීපාරක්ෂක සේවා, උතුරු පළාතට ආවේණික විවිධ වූ නිෂ්පාදනයන් මිලදී ගැනීමටත්, දෙස් විදෙස් සංචාරකයින් හා රියදුරන් ඇතුළු යාපනය කොළඹ මාර්ගයේ ගමන්ගන්නා විශාල පිරිසක් සඳහා වෙහෙස මහන්සිය නිවා ගැනීම වෙනුවෙන් සේවා රැසක් මෙම මධ්‍යස්ථනය මගින් සපයනු ලැබේ.

මෙම අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එච්. උපාලි සමරසිංහ මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා, ප්‍රාදේශීය ලේකම්තුමන්, ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, වවුනියාව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන්, ප්‍රතිලාභීන්, ප්‍රදේශයේ මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top