/ Mar 13, 2026

ගල්ෆ් යුද්ධය: තෙල් ප්‍රශ්නයක් ආවොත් සහය ඉන්දියාවෙන්

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහය හිමිව තිබේ.

ඒ අනුව මැදපෙරදිග යුදමය වතාවරණය අඛණ්ඩව පැවතිය හොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාදෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවෙන් කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙන ඇති බව සඳහන්.

අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා උක්ත ඉල්ලීම සිදුකර ඇති බවයි.

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බව වැඩිදුරටත් දන්වා ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top