ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ගුවන් තොටුපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
ප්‍රහාරය නිසා ගින්නක් හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
අදාළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.
ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ත්තේ ඉන්ධන ටැංකියකට බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.





