/ Mar 16, 2026

රනිල් සැත්කමක් සඳහා සිංගප්පූරුවට!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ (15) දින සිංගප්පූරුව බලා ගොස් තිබේ.

වික්‍රමසිංහ මහතාට සිංගප්පූරුවේදී හෘදය ආශ්‍රිත සැත්කමක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ අනුව සති දෙකක – තුනක පමණ කාලයක් ඔහුට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව සඳහන්.

මෙම වෛද්‍ය ප්‍රතිකාර කටයුත්ත සඳහා වැයවන සම්පූර්ණ වියදම ගෙවීමට ඉන්දියාව ඉදිරිපත්ව තිබුණ ද වික්‍රමසිංහ මහතා එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කර තම පුද්ගලික වියදමින් එය දැරීමට කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top