/ Mar 16, 2026

තෙල් මිල වැඩි කළේ ගල් අඟුරු වංචාව වහගන්න – නාමල්ගෙන් චෝදනා

”ආණ්ඩුව QR එක ගැන මීට කලින් කල්පනා කරන්න තිබ්බා පහුගිය කාලේ අපි දැක්කනේ මේ ජනාධිපතිවරයාම පහුගිය ආණ්ඩුවෙන් QR එක දානකොට කියපු කතා ටික. දැන් ඒ වගේම තමයි ලෝකේ බොහෝ රටවල් මීට පෙර මේ සම්බන්ධයෙන් සූදානම් වුණා.පරක්කු වෙලා හරි අපි ඒ සම්බන්ධයෙන් සූදානම් වීම ගැන අපි සතුටු වෙනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“ගල් අඟුරු වංචාව වෙච්ච පාඩුව වහගන්න අද පළවෙනියටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. ඉතින් ගල් අඟුරු වංචාවෙන් පාඩුව අන්තිමට සමස්ථ ජනතාවටම විදදරා ගන්න සිද්ධ වෙනවා.ඒ විදදරා ගැනීම ලෝක යුද්ධයකට සීමා කරලා බේරගන්න උත්සාහ කරනවා.ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැන අවබෝධයක් ලබා ගත්තේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පස්සේ වෙන්න පුළුවන්.හැබැයි ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව ලෝක වෙළඳපලේ වෙච්ච හින්දා පාඩුවක් නෙවෙයි.මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හා වංචාව නිසා වෙච්ච පාඩුවක්.ඒක වහගන්න ලෝක වෙළඳපලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ.තවත් පැත්තකින් ඒ කාලේ කිව්වානේ ඇමතිවරයාට එකසිය පනහක් හම්බවෙනවා කියලා.ඉතින් ඒ එකසිය පනහ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න.එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරු හොරකම් කරා නං නම් 150 ක් දැන් ඒක හොරකම් කරන්නෙ නැත්තං ඒ එකසිය පනහ අඩු කරන්න.අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න.දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා කියන්න එපා තෙල් ලිඳවල් නැති නිසා තෙල් මිල වැඩි කරන්නේ එතුමාගේ වාසියට නෙවෙයි කියලා. ජනාධිපතිවරයා පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ කෙනෙක් නෙවේ නිසා QR එක ගැනත් අහන්න එපා කියලා කියාවිද දන්නේ නැහැ.හැබැයි ඒ කෙසේ වෙතත් කරුණාකරලා අත්‍යවශ්‍ය සේවාවන් වලට වෛද්‍යවරුන්ට ත්‍රීවිල් වලට මොකද ඔය කියන තෙල් ගානෙන් හයර් දුවන්න නම් හම්බවෙන්නේ නැහැ විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලින් දුවන්න වෙන්නේ දුර දුවන හයර්නේ ඒ හින්දා මේ දේවල් ගැන ආණ්ඩුව ප්‍රායෝගිකව බලන්න ඕනේ.ඒ වගේම වෙළඳ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරය වැඩි ක්ෂේත්‍රයන් වලට ආණ්ඩුව අවධාරණය යොමුකරලා යම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.”

මේ අතර නිවසේ සිට රාජකාරී කිරීම වෙනුවෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

මේ වෙනකොට නිවසේ සිට රාජකාරී කිරීම වැනි තීන්දු ගතයුතුයි. මන් දැක්ක ජනාධිපතිවරයා අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියලාතියෙනවා.ඉතින් අධ්‍යනය කරන්න දෙයක් නෑ කොවිඩ් 19 වසංගතය වෙලාවේ මුළු ලෝකයම වහපු වෙලාවෙත් work from home නැත්නම් නිවසේ සිට කටයුතු කරන්න රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා.ඉතින් අධ්‍යනය කරලා තීන්දුවක් ගන්න දෙයක් නෙවෙයි.හැබැයි මේ කාලසීමාවේ ලෝකයේ සිදුවන දේ අනුව අපි අනුගත වෙන්න ඕනේ.හැබැයි කලින් නම් කිව්වනේ අපිට ඕන තරම් තෙල් තියනවා බයවෙන දෙයක් නෑ කියලා.තමන්ගේ ආණ්ඩුව පිළිබඳව නොදැනුවත්කම තමන්ගේ තිබෙන තෙල් සංචිත පිළිබඳව සහ මේක කොතරම් කාලයකට ඇතිද කියන කාරණය ගැන එක්කෝ නොදැනුවත්කම නැත්තං දැන දැන තමන්ගේ මහන්තත්තකම මත ආණ්ඩුව කරන්න කටයුතු කරා.අපි දැක්ක පහුගිය ආණ්ඩුවල මෙවැනි තීන්දු ගන්න පරක්කු වෙච්ච නිසා අවසානය අරගලයක් ඇවිල්ලා ආණ්ඩුවට යන්න වුණා.ඉතින් මේ ආණ්ඩුවත් පහු නොකර නියමිත වේලාවට තීන්තු තීරණ ගනියි කියල අපි හිතනවා.” යනුවෙන් තවදුරටත් පවසන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top