/ Mar 16, 2026

හෝමූස් හුදෙකලා වෙයි – දෛනික නැව් ගමනාගමනය 138 සිට 5 කට පහළ බහියි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සමුද්‍රීය ප්‍රවාහනය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් දිනකට වාණිජ නැව් 138ක් පමණ යාත්‍රා කරන මෙම කලාපය හරහා මේ වන විට ගමන් කරන්නේ දිනකට නැව් 5ක් වැනි අතිශය සුළු ප්‍රමාණයක් බව සඳහන්.

පෙබරවාරි 28 සිට මේ දක්වා අවම වශයෙන් වාණිජ නැව් 16කට ප්‍රහාර එල්ල වී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

පවතින තත්ත්වය මත ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර ඊට සමගාමීව ලොව ආර්ථික ක්‍රියාවලියද නිසි ලෙස පවත්වා ගෙන යාමට නොහැකි වී ඇත.

බලශක්ති අර්බුදය මත මිල ද ඉහළ යන ආකාරය දැකගත හැකියි.

මෙය ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය තීරණය කරන තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 106 සීමාව ඉක්මවා යාමත් සමගයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top