/ Mar 18, 2026

QR එකට අංක තහඩුවත් එක් වෙයි! පෝලිම් බේරන්න ඔත්තේ, ඉරට්ටේ එයි!

ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතයට අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකයට අදාළව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ වාහනයේ අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ලබන බවයි.

”අපි තීන්දු කළා අද ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන ලබාදෙන්න. දිනය ඔත්තේ දිනයක් නම් උදාහරණයක් හැටියට අද 18 වැනිදා. අද ඉරට්ටේ දවසක්. ඔබගේ වාහනයේ අංකයේ අවසන් අංකය ඉරට්ටේ අගයක් හෝ බින්දුව නම් අද ඔබට තෙල් ලබාගන්න පුළුවන්. හෙට දිනයේ තෙල් ලබාගන්න පුළුවන් වෙන්නේ ඔත්තේ ඉලක්කම් වලට විතරයි. ඔත්තේ කියන්නේ 1,3,7,5,9. හෙට තෙල් ලබාදෙන්නේ ඔත්තේ ඉලක්කම් තියෙන වහනාවකට විතරයි. විශේෂයෙන් කියන්න ඕනේ ඔබට QR කේතය තියෙන්න ඕනේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා බාගෙට බාගයක් පෝලිම්වලට සෙනග අඩු කරන්න. මේ දවස දෙක කැපකිරීමෙන් ප්‍රගතියක් අත්කරගන්නා පුළුවන්”

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය 16 වන දා සිට පියවර ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top