ආණ්ඩුව හොරකම් කා නොමැති බව පවසන්නේ වැඩ කර නොමැති හෙයින් යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පැවසීය.
”මේ ආණ්ඩුව හොරකම් කරලා නැතිලු. හොරකම් කරලා නැත්තේ වැඩ කරලා නැති නිසා. මොවුන් යම්කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ කරපු පළවෙනිම දේ නාලා තියෙනවා.”
ජනාධිපති රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔහු බලය ගන්නට පෙර කියූ කතා මෙන්ම බලය ගත් පසු කියූ කතා බලන විට දෛවයේ සරදම හොඳහැටි පෙනෙන්නට ඇති බවයි එජාප නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළේ.
”ආර්ථිකයේ කඩා වැටීමක් වෙනවා නම් ඊට එතුමා වගකිවයුතු නැති බවත් වගකිව යුත්තේ ලෝක යුද්ධය බවත් ජනාධිපති දිගින් දිගටම කියනවා.ලංකාවේ ඒ කාලේ වහල්ලු කියල සෙට් එකක් හිටියා .දැන් ඉන්නේ අමු ගොං මී පට්ටියක්. ඕනම දෙයක් විශ්වාස කරන තීක්ෂණ බුද්ධියක් නැති පිරිසක් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ.
ආණ්ඩු කොහොමත් අභියෝග වලට මුහුණ දෙන්න ඕන තමයි. ආණ්ඩුවට ඉස්සෙල්ලම ආපු අභියෝගය දිට්වා කුණාටුවයි. තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා ආරම්භ කරපු ඒ කතන්දරේ අද මොන තරම් විහිලුවක් බවට පත්වෙලා තියෙනවද? මුලින්ම නැව් පෝලිමට තියනවා කිව්වා. දැන් අහවල් දවසේ නැවක් එනවා වගේ කතා කියනවා. ගෑස් ගෙන්වා ගැනීමේදි නාගන්නවා. කිව්.ආර් කෝඩ් එකේදී නාගන්නවා. තෙල් ඇතිවෙන්න තියෙනවා නම් කිව්.ආර් කෝඩ් එකට දෙනවා නම් පෝලිම් තියෙන්නේ කොහොමද? අපි කිව්.ආර් කෝඩ් ගෙනත් තෙල් පෝලිම් ඉවත් කර ගත්තා. එදා මිනිස්සු හරි වෙලාවට තෙල් ගහ ගත්තා. ලංකාවට වැඩිපුරම ආදායම් එන මාර්ගය වන්නේ විදේශ ප්‍රේෂණයි. විදේශ ප්‍රේෂණ වලින් සියයට 45ක් එන්නේ අරාබිකරයෙන්. එහි රැකියා විශාල වශයෙන් කප්පාදුවක් වෙමින් තිබෙනවා.ඒ කියන්නේ අපේ විදේශ ප්‍රේෂණ නැති වෙනවා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටට ඩොලර් බිලියන හයක් ඉතිරි කර තිබුණු බවද හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.
”කජු සීයා ගියේ ඩොලර් බිලියන හයක් රටට ඉතුරු කරලා. 2026 ජනවාරි මාසෙ වෙන විට ඒ මුදල ඩොලර් බිලියන 6.8ක් බවට පත්වී තිබුණා. හැබැයි මේ මුදල් අයි.එම්.එෆ් නීති අනුව තෙල් ගේන්න පාවිච්චි කරන්න බැහැ.ඒ වගේම වැඩිම සංචාරක පිරිසක් ලංකාවට එන්නේ ඩුබායි හරහා. අද සංචාරකයන් රටට එන සංධිස්ථාන වැසී ගොස් තිබෙනවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවේ තියෙන වැඩ සැලැස්ම මොකක්ද? මේ ආර්ථිකය ගොඩ ගන්න කිසිම වැඩ පිළිවෙලක් ආණ්ඩුවට නෑ. ඉදිරියේදී අප ලංකාවට විශාල අභියෝගයක් දකිනවා.
යුද කලාප හරහා යන ආනයන අපනයන නෞකාවලට දැන් අමතර මුදලක් ගෙවන්නට සිදුවෙනවා. ලංකාවේ තේ වලින් වැඩිම ප්‍රමාණයක් යන්නේ ඉරානයට, රුසියාවට සහ මැද පෙරදිගට.ඒ වගේම ඇඟලුම් අපනයනයටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම ආනයන වියදම් වැඩිවීම නිසා ලංකාවේ බඩු මිල වැඩි වීමට නියමිතයි. මේ තත්ත්වය නොකියා ජනාධිපතිතුමා සුන්දර ලෙස කතා ගොතා වැඩක් නෑ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසන ලදී.





