/ Mar 20, 2026

අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා. හෙට/අනිද්දා පිරවුම්හල් විවෘතයි – තෙල් සංස්ථාව කියයි

හෙට සහ අනිද්දා යන දිනයන්හි ඉන්ධන පිරවුම්හල් වසා තබන බවට සංසරණය වන පුවතේ සත්‍යතාවක් නොමැති අතර එවැනි තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි.

ඒ අනුව හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම සිදුවන බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම සහ මෙම සෙනසුරාදා රාත්‍රියේ දී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසයි.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදා දීමේ කට‍යුතු සිදු කළ හැකි බවද ඔහු කියාසිටියි.

මේ අතර තොග පර්යන්ත සමාගම ද සෙනසුරාදා දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීම සමබන්ධයෙන් කිසිදු දැනුම්දීමක් හෝ තීරණක් ගෙන නොමැති බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top