රජයේ ප්‍රධානම අරමුණ අඛණ්ඩ බලශක්තිය ලබා දීම වන අතර ඒ සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ලෝක වෙළෙඳපොළේ සියලු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිලදී ගැනීමේදී පවා මිල ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
“අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ.”යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.





