ජනාධිපති අනුර කුමාර දිසානායක හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්විය.
එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදයත් එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට කරන බලපෑමත් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට පැහැදිලි කර ඇත.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකන් පිරිසක් සහභාගී වී තිබේ.





