බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්වලද මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇති බවයි.
ඒ අනුව නව බස් වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ණ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතව තිබේ.
කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බව බස් සංගම් රැසක් සඳහන් කළ අතර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි.




