/ Mar 24, 2026

ශ්‍රී ලංකාවට අපි ඕනෑම අවස්ථාවක සහය දෙනවා – ඉරාන තානාපති

ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත් ඉරානය එම අවශ්‍යතාව සැපිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි.

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (23) මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව වන අතර ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද සිහිපත් කරන ලදී. .

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද මෙරට ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top