/ Mar 25, 2026

යුද්ධය අවසාන කිරීමට ඇමරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්?

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව විසින් කරුණු 15ක යෝජනාවලියක් ලබා දීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊට න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් බව සඳහන් අතර මෙතෙක එවැනි සම්පූර්ණ ලියවිල්ලක් ප්‍රසිද්ධ වී නැත.

කෙසේවෙතත් යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ජා ආරම්භ වී ඇති බවයි ඇමරිකාව පාර්ශවයෙන් පවසන්නේ.

මේ අතර යුද්ධය ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායල නිවේදනය කර සිටියි.

එමෙන්ම අද දවස වන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල 4.5% කින් පමණ පහත වැටී ඇති අතර එය බැරලයක මිල ඩොලර් 100 (£74.61) ට වඩා සුළු වශයෙන් අඩු වී තිබේ.

ඇමරිකාව වෙළෙදාම සිදුකරන WTI තෙල්ද දැනට 3.5% කින් පමණ පහත වැටී ඩොලර් 89 ක් පමණ බව දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top