/ Mar 25, 2026

සලේ ජාතික රෝහලට!

අත්අඩංගුවට පත්ව රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සුරේෂ් සලේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින අතර ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව ද වාර්තා වේ.

ඊයේ (24) දිනයේදී ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇති බව සඳහන්.

අනතුරුව වෛද්‍ය උපදෙස් මත ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top