අගමැතිනිය සහභාගී වූ පසුගිය 15 වනදා තංගල්ලේ පැවති ගුරු හමුවකට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යලය ඉල්ලීමක් සිදුකර තිබේ.
කෙසේවෙතත් මෙම ක්‍රියාව හෙළා දකින බව හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමය පවසයි.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි ලංකා ගුරු සංගමය සඳහන් කරන්නේ.
ඒ අනුව ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී හම්බන්තොට ලංකා ගුරු සංගමයේ ලේකම් සුරංග චින්තක පැවසුවේ, “ඉරිදා දිනයේ දී ගුරුවරු කැඳවීම කෙසේවත් සිදුකළ නොහැකි දෙයක්. ඒ නිසා අපි මේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා. අපි තවදුරටත් මේ ගැන ගුරුවරු දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙනවා. මේ ආණ්ඩුව පත්වෙන්නේ ගුරුවරු පාරේ ඉඳලා, කෑ ගහලා කළු කොඩි අරන් ඇවිත් පැවති පාලනය බිඳ දමලා නව යුගයක් කරා ගෙනයෑමට ගුරුවරු තමා පෙරටුගාමීන් වුණේ. හැබැයි අද වෙද්දි පළමු ෂොට් එක ගුරුවරුන්ට වැදෙමින් පවතිනවා.” යනුවෙනි.





