/ Mar 26, 2026

රටේ බලශක්ති සුරක්ෂිතභාවය නොමැති වීම ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමක් – විපක්ෂ නායක

රටේ බලශක්ති සුරක්ෂිතභාවය නොමැති වීම ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද වන විට අප රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතල අර්බුධයක් නිර්මාණය වී මෙය ඛේදවාචකයකින් අවසන් වීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

රටේ බලශක්ති අර්බුධය කළමනාකරණ කර ගැනීමට රජය සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවත් රටේ ප්‍රශ්න මැදපෙරදිග යුද්ධය මත පටවා රජයට බේරීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීට වසර 12කට ඉහත දී අපවත් වී වදාළ භූමිරියේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ උතුම් මහානායක ධූරය හොබවා වදාළ අග්‍ර මහා පණ්ඩිත අතිගරු බෙල්ලන ඥානවිමල මහානායක හිමිපාණන්ගේ එකසිය 106 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (26) කොළඹ වාලුකාරාම විහාරස්ථානයේ දී පැවැති දානමය පුන්‍යකර්මයක් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම බලශක්ති අර්බුධයට ප්‍රධාන හේතුව වන්නේ විදුලි බල උත්පාදනය කරන ලක්විජය නොරොච්චෝල බලාගාරයේ ප්‍රමාණවත් ලෙස විදුලිය උත්පාදනය නොවිම බවත් එයට හේතුව බාල ගල් අගුරු භාවිතය නිසා බවත් ඊයේ දිනයේ පවා මෙගවොට් 168ක් අඩුවෙන් නිෂ්පාදනය කර ඇති බවත් මෙකී හිගය මගහරවා ගැනීමට ඩීසල් බලාගාර උපයෝගී කර ගන්නා නිසා විදුලි බිල වැඩි වී පාරිභෝගිකයාට අසීමිත බරක් දැරීමට සිදුවීමත් ජනතාවට ඉන්ධන හිඟ වීමත් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මැදපෙරදිග යුද්ධය නිසා අභියෝග රැසක් එල්ල වුවද මේ ගැටලුවලට යම්තාක් දුරටක හෝ අභියෝග සමනය කර ගැනීමට විවිධ අවස්ථ නිර්මාණය වුවහොත් ඒ සඳහා ලබා දෙන ප්‍රතිචාර පෙර සිට සැලසුම් කිරීමේ හැකියාව තිබුණත් රජය මේ කිසිදු පුරෝකථනයක් නොකර සිටි බවයි ඔහු පවසන්නේ.

මේ මොහොත වන විට අප රටේ ජාතික ආරක්ෂාවට පවා මේ බලශක්ති අනාරක්ෂිතභාවය නිසා අභියෝග රැසක් එල්ල වී ඇති අතර රජය මේ බාල ගල් අගුරුවලට ලබා දෙන විසදුම් තවම ඉදිරිපත් කර නොමැති බවද හෙතෙම කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top