මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ ඊයේ (27) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ මූල්ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහව අත්අඩංගුවට ගැනුණු අතර අද (28) ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේවෙතත් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය කාලය පුරාම විවිධ අක්රමිකතා චෝදනා එල්ල වුණු අතර සාමාන්ය ව්යවහාරය තුළ වුවද එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇත්තේ පැහැදිලි විශ්වාසයක් නොවේ.
යහපාලන ආණ්ඩුවේ රාජ්යකරණය තුළ ප්රධාන ඉලක්කය බවට පත්ව තිබෙන වංචාව, දුෂණය මැඩලීමේ ක්රියාවලියට මෙවැනි ආයතන බාධාවක්ව පවතින බව තවදුරටත් පෙනෙන්නට තිබෙන අතර RMV පිරිසිදු කිරීම යනු ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා හා සමාන ක්රියාවක්ද යන ප්රශ්නයද දැන් මතුව තිබේ.





