/ Apr 02, 2026

කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ් වෙද්දී චන්ද්‍රසේනගේ බිරිඳට සහ චමල් රාජපක්ෂගේ පුත්‍රයාට වරෙන්තු!

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය වී නැතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේන තවදුරටත් අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මේ අතර එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාළව අල්ලස් ලබා ගැනීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපළවලට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. සැකකරුවන් රටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා ලෙසත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දැනුම් දෙන ලෙසත් ආගමන හා විගමන පාලකවරයාට උපදෙස් දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top