රජය විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට දැමීම නිසා මෙරට ගෑස් භාවිතා කරන පවුල් 6111315 කට අයත් ජනතාවට ඍජු බලපෑම් එල්ල වන බව වාර්තා වේ.
මෙරට පවුල් ඒකක විසින් බහුලව භාවිතා කරන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්රයක මිල රුපියල් 775කින් වැඩි වූ අතර අනෙක් සියලුම ගෑස් සිලින්ඩර් ද මිල ඉහළ දමනු ලැබීය. මේ හේතුවෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවට ඍජුව බලපෑම් එල්ල කරමින් තිබේ. මෙහි වැඩිම බලපෑම කොළඹ දිස්ත්‍ත්‍රික්කයට වන අතර එහි දිවිගෙවන පවුල් අතරින් 85ක ප්‍රමාණයක් ගෑස් භාවිතයෙන් ආහාර පිළියෙල කරනු ලබයි.
කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර කෙටිකෑම එකක මිලද රුපියල් 10කින් පහළ දමා ඇත්තේ පොල්තෙල් මිල පහළ යෑම නිසාය.
බේකරි කෑම මිල ඉහළ දැමීම සිදු කර නැත්තේ අලෙවිය තවදුරටත් පහළ වැටෙතැයි වන බිය නිසා බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා තිබේ.





