/ Apr 21, 2026

ආණ්ඩුවේ කලා මණ්ඩලය වාරණ මණ්ඩලයක් වෙයි : දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ කෘති දෙකක් තහනම්!

පසුගිය මාසයක පමණ කාලයක් පුරා ආන්දෝලනයට ලක් වූ දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ රඳවා ගත් කෘතිවලින් දෙකක් තවදුරටත් මුදා නොහැර රඳවා ගන්නා බව රේගුව විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පළමුව බලධාරීන් කියා සිටියේ මෙම කෘති නිදහස් නොකරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ වාර්තාවක් අනුයමින් බවයි. දැන් රේගුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ වාර්තාව ඒ සදහා පදනම් කරගෙන උක්ත කෘති දෙක නිදහස් නොකරන බවයි.

රදවා ගැනීමට තිරණය කර ඇති කෘති දෙක දීපචෙල්වන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් ප්‍රබන්ධ නොවන කෘති දෙකකි. කෙසේ වෙතත්, තනිකරම දේශපාලන පත්වීම් වන කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයට මෙවැනි තීරණයක් ගැනීමට ඇති නෛතික බලය කුමක්ද යන්න ගැටලුවකි. එසේ ම අනුල්ලංඝනීය මානව අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අවුරා දැමීමකි.

ජාතික ජනබලවේග ආණ්ඩුව අදහස් මර්දනය සහ වාරණය වෙනුවෙන් කටයුතු කරන බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා නැගෙමින් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top