පසුගිය දා හිනිඳුම ලැගුම්හලකදී ටී 56ක් යොදාගෙන වෙඩි තබා එහි හිමිකරු සහ තවත් දෙදෙනකු ඝාතනය කළ සිදුවීම පිටුපස හිටපු විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොයුරා සම්බන්ධ විදේශ රැකියා ජාවාරමට සම්බන්ධයක් ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පවසයි. සමාජ ජාල සටහනක් තබමින් මාධ්‍යවේදියා මේ බව කියා සිටී
එම සටහන පහතින්,
වර්ෂ 2025 ජනවාරි 30 දින රාත්‍රී 11 ට පමණ ගාල්ල හිනිදුම මහාබෝධි වත්ත ප්‍රදේශයේ ‘දිසාරා’ හෝටලයට කඩා වැදුණු නාදුනන තුවක්කු කරුවෝ දෙදෙනකු කඩා වැදුණා හ. හෝටලය ආලින්දයේ මත්පැන් පානය කරමින් සිටි පස් දෙනකු අතුරින් තිදෙනෙකු ඝාතනය කොට වෙඩික්කරුවෝ පළා ගියහ. ප්‍රදේශවාසීන්ගේ අනුදැනුමට අනුව මේ ඝාතනය විදේශ රැකියා ජාවාරමේ මුදල් ගනදෙනුවක ප්‍රතිඵලයකි.
ඝාතනයට ලක්ව තිබෙන දොන් ඉඳුනිල් සමන් කුමාර නමැත්තා පසුගිය වසර දෙක තුනක් තිස්සේ ඔහුගේ හෝටලය මධ්‍යස්ථානය කොටගෙන විදේශ රැකියා සැපයීමේ රැකියා ලාභීන් සොයා දීමේ නියෝජිතයකු ලෙස ක්‍රියාකර තිබේ. ඉදුනිල් සමන් කුමාර එම රැකියා අපේක්ෂිතයන් සෘජුවම යොමු කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක සහ හිනිදුම ආසනයේ මනූෂ නානායක්කාර සහ වජිර අබේවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ ප්‍රියන්ත ජයතිලක නමැත්තාට ය. ප්‍රියන්ත ජයතිලක නමැත්තා එජාප ගාලු දිස්ත්‍රික් සංවිධායක ධුරයට අමරව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේ තනතුරක් හිමි පුද්ගලයෙකි.
ඉදුනිල් සමන් කුමාරත් , ප්‍රියන්ත ජයතිලකත් ප්‍රදේශයේ සිටින විදේශ රැකියා අපේක්ෂිත තරුණයන්ට ඊශ්‍රායලය , රුමේනියාව , මැදපෙරදිග නොයෙක් රටවල්වල රැකියා ලබා දෙමින් ඔවුන් ගෙන් රුපියල් ලක්ෂ විසිපහ විස්ස , දහය පහළොව ආදී මුදල් ලබා ගනිමින් සිට ඇතැයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති.
ඉහත රැකියා සැපයීම වෙනුවෙන් මුදල් ලබා ගත් ඇතැමුන්ට රැකියා ලැබුණ ද , තවත් සැළකිය යුතු පිරිසකට පොරොන්දු ප්‍රකාරව රැකියා ලබාදී නැත. ඔවුන් හතර අතේ ණය වී ලක්ෂ ගණනක මුදල් ගෙවා තිබියදීත් තමන් අපේක්ෂා කළ රැකියා නොලැබීම පිළිබද ඉහත ඉදුනිල් සමන් කුමාරටත් , ප්‍රියන්ත ජයතිලක නමැත්තාටත් දැඩි දෝෂාරෝපණ එල්ල කරමින් සිට ඇතිබව මහාබෝධි වත්ත ප්‍රදේශවාසීන්ට රහසක් නොවේ.
අම්බලන්ගොඩින් පැමිණි නෙවිල්……..!
මේ අතර අම්බලන්ගොඩ බටපොළ ප්‍රදේශයේ පදිංචි නෙවිල් නැමැති තරණයකු ගෙන්ද ඊශ්‍රාලයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් ඉදුනිල් සමන් කුමාර රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගෙන තිබේ. එම මුදල සෘජුවම ප්‍රියන්ත ජයතිලකට ලබාදුන් බව ඉදුනිල් සමන් කුමාර නෙවිල් නමැත්තාට දැනුම් දී තිබේ. එහෙත් මාස කිහිපයක් ගියද නෙවිල් නමත්තාට අපේක්ෂිත විදේශ රැකියාව සපයා දී නොමැත.
පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබුණු හෙයින් ඉහත නෙවිල් නමැත්තා දිගින් දිගටම ඉදුනිල් සමන් කුමාරටත් , ප්‍රියන්ත ජයතිලකටත් තම රැකියාව ලබා නොදෙන්නේ නම් වහාම තම රුපියල් ලක්ෂ 25 ආපසු ගෙවන ලෙස බලකරමින් සිට ඇත. ජනවාරි 30 දින නෙවිල් නමැත්තා අම්බලන්ගොඩ සිට හිනිදුම සමන් කුමාරගේ දිසාරා හෝටලයට පැමිණ ඇත්තේ ආදාළ මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ආපසු දෙන බවට සමන් කුමාර වූ පොරොන්දුවට අනුව ය. නෙවිල් නමැත්තාට සමන් කුමාර පොරොන්දු වී ඇත්තේ එදින අදාළ රුපියල් ලක්ෂ පහක මුදල ද රැගෙන ප්‍රියන්ත ජයතිලක හෝටලයට පැමිණෙන බවයි. මේ කරුණු අනාවරණය කරනු ලබන්නේ නෙවිල් නමැත්තාගේ භාර්යාව විසිනි.
අම්බලන්ගොඩ බටපොළ සිට නෙවිල් නමැත්තා හෝටලයට පැමිණ බලා සිටියද ප්‍රියන්ත ජයතිලක ගෙන එනවායි කියූ රුපියල් ලක්ෂ පහක මුදල රැගෙන හෝටලයට පැමිණ නැත. ඒ අතර ඔහු එනතුරු හෝටලයේ හිමකරු ඉදුනිල් සමන් කුමාර තවත් මිතුරන් තිදෙනෙකුත් එකතුව පස් දෙනකු මධුවිත පානය කරමින් සිට ඇත.
නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු කඩා පැනීම
නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු එතනට හදිසියේ කඩා වැදී මත්පැන් පානය කරමින් සිටි හෝටලයේ හිමිකරු ඉදුනිල් සමන් කුමාරටත් , මුදල් රැගෙන යාමට අම්බලන්ගොඩින් පැමිණ සිටි නෙවිල් නමැත්තාටත් එහි සිටි චතුරංග නමැත්තෙකුටත් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ. මත්පැන් පානය කරමින් සිටි අනෙක් දෙදෙනා වෙඩි ප්‍රහාර හමුවේ පළා ගොස් තිබේ. ඉදුනිල් සමන් කුමාරගේ මේ දිසාරා හෝටලය බොහෝ අපචාර සිදුවන තිප්පොළක් බවත් , හිනිදුම පොලීසියේ ඇතැමුන් බොහෝ විට මේ තිප්පොලට පැමිණ සප්පායම්වන බවත් , ප්‍රියන්ත ජයතිලකත් මේ තිප්පොළේ සියලු කටයුතු නොදන්නා කෙනකු නොවන බවත් ප්‍රදේශවාසීන්ට රහසක් නොවේ.
ප්‍රහාරයෙන් මිය ගිය ඉදුනිල් සමන් කුමාර යනු , ඒ සමගම ප්‍රහාරයෙන් මියගිය නෙවිල් නමැත්තා ගෙන් විදේශ රැකියාවක් සදහා රුපියල් ලක්ෂ 25 මුදලක් ගෙන ප්‍රියන්ත ජයතිලකට ලබාදුන් පුද්ගලයා යැයි කියනු ලැබේ. දැන් මුදල් ලාබාදුන් නෙවිල් නමැත්තාත් , මුදල් ලබාගත් ඉදුනිල් සමන් කුමාරත් දෙදෙනාම ඝාතනයට ලක්වී තිබේ. ඉදුනිල් සමන් කුමාරගේ ඥාතීන් පවසන ආකාරයට ඉදුනිල් සමග එක පතේ කාගෙන සිටි ප්‍රියන්ත ජයතිලක තම මිතුරා ඝාතනයට ලක්ව තිබියදීත් ඔහු බැලීමට නොපැමිණි බවයි.
මේ අතර විදේශ රැකියා සපයන බව පවසමින් පුද්ගලයන් රැසක ගෙන් මුදල් ලබා ගෙන ඔවුන්ට රැකියා නොසැපයීමේ චෝදනාවට මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ ද ගෝඨභයගේ සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු දෙකේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය භාර ඇමති මනුෂ නානායක්කාරගේ සහෝදරයෙකි.
- පෝද්දල ජයන්ත ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනිණි.