/ Mar 13, 2025

ආණ්ඩුවේ සහතික මිල ගැන ගොවි මැසිවිලි

රජය ප්‍රකාශයට පත් කළ සහතික වී මිල කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බවට මහවැලි B කලාපයේ සේනපුර කොට්ඨාසයේ ගොවීහු මැසිවිලි නගති.

වී නිෂ්පාදනය සඳහා යන වියදම් අධික වීමත්, තෙල්, පොහොර හා සී සෑමටත්, අස්වනු නෙළීමේ වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන වකවානුවක එවැනි සහතික මිලක් ප්‍රකාශයට පත් කිරීම මඟින් රජය ගොවියා හෑල්ලුවට ලක් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වර්තමානයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් සීයත් එකසිය දහයක් පමණ මිලක් වැය වන බව ත් බිත්තර වී, පොහොර, තෙල්, කෘමිනාශක ද්‍රව්‍යය, වල්නාශක මෙන්ම වී අස්වනු නෙළා අලෙවි කිරීම දක්වා ගොවියාට වර්තමානයේ අධික මිලක් දැරීමට සිදුව ඇති බැවින් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක්වත් රජය නියම කළ යුතු බවත් මහවැලි ගොවීන් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ රජය සූදානම් වන්නේ අඩු සහතික මිලක් නියම කර පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ වී තුට්ටු දෙකට මිලදී ගැනීමේ සැලැස්මක් ඇති කිරීමට බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top