බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්ට අයත් ඩකා නුවර පිහිටි නිවස ගිනි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මෙම නිවස ගිනි තබා තිබුණේ ඇයගේ පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් බව සඳහන්.
ඉකුත් අගෝස්තු මාසයේදී පැවති බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හිටපු අගමැතිනි හසීනා තවමත් රැඳී සිටින්නේ ඉන්දියාවේයි.