/ Mar 12, 2025

හොරට හැදූ මන්ත්‍රී ප්‍රාඩෝවක් අල්ලයි

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් භාවිත කළ බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක් කොටස් කර සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකය මඟින් අද (06) සිය භාරයට ගෙන ඇත.

හිටපු මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඒ හේතුවෙන් අදාළ රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වූ බව වාර්තා වෙනවා.

අදාළ මන්ත්‍රීවරයා විසින් නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ රථයක් භාවිත කරන බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පුත්තලමට ගොස් ඇත.

එහිදී අදාළ රථය පිළිබඳව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුරටත් සිදුකළ පරීක්ෂා කිරීමේදී එය කොටස් කර ස්ථාන දෙකක සඟවා තිබියදී සොයාගනු ලැබ ඇත්තේ හිටපු මන්ත්‍රීවරයාට අයත් පුත්තලමේ පිහිටි පොල් ඉඩමක සහ ඔහුගේ නිවසට ආසන්න වූ වෙනත් නිවසක තිබියදියි.

තවද අදාළ රථය මේවන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් භාවිත කරන ප්‍රාඩෝ රථයක එංජින් අංකය හා චැසි අංකය භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top