/ May 12, 2026

නීතියේ ආධිපත්‍යය මායිම් නොකිරීම සහ බෙල්ල කපා ප්‍රදර්ශනයට තැබීම!

අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ  ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු ඊයේ (11) රාත්‍රියේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර හිස කඳෙන් වෙන්කර රැගෙන ගොස් මාමඩල හන්දියේ ඇති රත්නාවලී දේවියගේ පිළිරුව මත තබා යෑම මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

2025 පෙබරවාරි මස 02 දින අම්බලන්තොට ඇලේගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා පොලු වලින් හිසට පහරදී ඝාතනය කර තිබූ අතර එම ඝාතන වලට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බව පැවසෙන අතර මෙය නීතියේ ආධිපත්‍යයට ඇති ගරුත්වය මායිම් නොකරන අයුරු ප්‍රදර්ශනය කිරීමක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු ලංකාටයිම්ස් වෙත පැවසීය.

මෙම ඝාතනයට ලක් වූ පුද්ගලයා ත්‍රිත්ව ඝාතනයකට සැකකරු වී රිමාන්ඩ් බන්ධනාගාරගතව හිඳ ඇප ලබා පැමිණ සිටියදී මෙසේ ඝාතනයට ලක්ව ඇති බව පැවසෙන අතර ඝාතනය සිදුකර ම්ලේච්ඡ ලෙස රත්නාවලී පිළිමයක රඳවා තැබීම ශිෂ්ට සමාජයක් තිගැස්සසවෙනසුළු ය. සංවිධානාත්මක අපරාධ, කුලී මිනීමැරුම්, ක්ෂණික කෝපය නිසා ආදී වශයෙන් ඝාතනයන් සිදු වුවත් මෙම සිදුවීම එයට එහා ගිය ම්ලේච්ඡ ක්‍රියාවකි.

සමාජයක් ලෙස නීතියේ ආධිපත්‍යය සහ එයට අවනත වීමත් ශිෂ්ටත්වය ගැනත් මෙයට වඩා බැරෑරුම් ලෙස සිතිය යුතු තත්වයකට පැමිණ ඇති බව අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අවධාරණය කළේ ය.

1 thought on “නීතියේ ආධිපත්‍යය මායිම් නොකිරීම සහ බෙල්ල කපා ප්‍රදර්ශනයට තැබීම!”

  1. AMITHA GUNASEKARA GUNASEKARA

    we have seen this in 88-99 period a lot every where in sri lnaka except north n east.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top