පර්යේෂණයක් ආරම්භ කළ දින සිට මාස හයක් තුළ එකී යෝජනාවට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය ඇතුළත් අන්තර් පර්යේෂණ වාර්තාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන් 110 දෙනෙකුට 2024 වර්ෂය තුළදී රුපියල් මිලියන 22කට අධික මුදලක් (රුපියල් 22 838 707) පර්යේෂණ දීමනා ගෙවීම් සිදුකර ඇතැයි විගණකාධිපති කාර්යාලය පවසයි.
එසේම විවිධ ණය හිමියන් යටතේ දක්වා තිබූ රුපියල් දහ අට ලක්ෂ අසූ දහස් හාරසිය විසිපහක ශේෂය තුළ 2020 හා 2021 වර්ෂයන්ට අදාළව සිසුන්ට ගෙවිය යුතු එකොළොස් ලක්ෂ හැත්තෑ හයදාස් හයසිය විසිපහක් වූ මහපොළ ශිෂ්‍යාධාර මුදල් අදාළ ශිෂ්‍යයන් වෙත ගෙවීමට හෝ භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කර නොතිබුණු බව ද කියයි.
යම් නිලධාරියකු විසින් සිදුකරන ලද විෂමාචාරයක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චෝදනා පත්‍රයකට අදාළව පවත්වනු ලබන විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කර මාස 6ක් ඇතුළත නිම කළ යුතු අතර යම් තැනැත්තකුගේ වැඩ තහනම් කර තිබේ නම් ඔහුට විරුද්ධව පැවැත්වෙන විනය පරීක්ෂණ කටයුතු අප්‍රමාදව අවසන් කළ යුතුවේ.
එහෙත් කථිකාචාර්ය හිමිනමකට චෝදනා පත්‍රය ඉදිරිපත් කර අවුරුදු 4ක කාලයක් ගතවී තිබුණ ද විනය පරීක්ෂණය අවසන් කර විනය නියෝගයක් ලබාදීමට විශ්ව විද්‍යාලය අපොහොසත් වී තිබුණු බවත් විනයානුකූල කටයුතු කෙරෙමින් පවතින අවස්ථාවකදී විනය බලධාරියාගේ එකඟත්වය ඇතිව මිස ඔහුට දිවයිනෙන් බැහැර යාමට අවසර නොදිය යුතු වුවත් තාවකාලිකව සේවය අත්හිට වූ මෙම හිමිනම දින 16ක් විනය බලධාරින්ගේ අනුමැතියකින් තොරව දිවයිනෙන් බැහැරව ගතකර තිබුණු බවත් විගණකාධිපතිවරයා නිරීක්ෂණ දක්වා ඇත.
වර්ෂය අවසාන වන විට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු විසිතුනක පැවති පුරප්පාඩු හේතුවෙන් විශ්ව විද්‍යාලය විසින් බාහිර කථිකාචාර්යවරුන්ගේ සේවය ලබා ගෙන වර්ෂය තුළදී පමණක් බාහිර කථිකාචාර්යවරුන් සඳහා දීමනා ලෙස රුපියල් 11 296 791ක් වැය කර ඇත.
භාෂා අධ්‍යයන පීඨයේ දේශන පැයවලින් සියයට 44ක ප්‍රතිශතයක්ද බෞද්ධ අධ්‍යයන පීඨයේ දේශන පැයවලින් සියයට 44 ක් ද බාහිර කථිකාචාර්යවරුන්ගෙන් ආවරණය කරගෙන තිබෙන බව එම විශ්ව විද්‍යාලීය වාර්ෂික වාර්තාවේ දැක්වේ.
තවද 2018 අංක 19 දරණ ජාතික විගණන පනතය දොළහ(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව විශ්ව විද්‍යාලයේ සම්පත් සකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව ද විගණකාධිපති කාර්යාලය අවධාරණය කර ඇත.
මානෙල් ඇන්තනී






