/ Oct 02, 2026

බදු ක්‍රමයේ වෙනසක්!

ONLINE TAX

එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.

ඒ අනුව රේගු බද්දට අමතරව අයකරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකරන අතර, අනිකුත් ආයතනවලට අදාළවද එවැනි සරල බදු ක්‍රම අය කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top