/ May 15, 2026

ජලාශ වාන් දමයි : වැඩිම වැස්ස අවිස්සාවේල්ලට!

Heavy rains again: Warning announcement!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනයේ ඇති ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදිායය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.

ඒ අතර අද (15) පෙ.ව. 5න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එම අගය මි.මී. 180ක් බව සඳහන්.

ඊට අමතරව හංවැල්ලට මි.මී. 158ක් සහ දැරණියගලට මි.මී. 122ක් ලෙස වර්ෂාපතනය ලැබී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top