සිවිල් යුද්ධය ජයග්‍රහණය කර වසර 17ක් සැපිරීම නිමිත්තෙන් මෙවරත් ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) දින බත්තරමුල්ලේදී ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර පළමුවරට උතුරු නැගෙනහිර සටන්වලදී මිය ගිය හමුදා සෙබළුන්ගේ ඥාතීන්ද සැමරුමට එක් වෙන බව වාර්තා වේ.
යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් මෙන්ම ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත මෙම උත්සවය සඳහා ආරාධනා කර නැතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.






