හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් නොතකා පළා යාමට තැත් කළ ලොරි රථයකට පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.
ලොරි රථයකින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අද (20) උදෑසන කට්ටකඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා තිබූ බව සඳහන්.
කෙසේ වෙතත් සැකකටයුතු ලොරි රථය පොලිස් මාර්ග බාධකය නොතකා පළා යද්දි පොලිසිය විසින් වෙඩි තබා ඇත. ලොරි රථයේ සිටි සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.






