කොළොන්න රෝහල පාරේ පාලු නිවසක තිබී, ලේ සහිත මළසිරුරක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
පවුලෙන් වෙන්වී හුදෙකලාව ජීවත් වූ අයෙකු වු මෙම පුද්ගලයා අවුරුදු 47ක් පමණ වයස මෙම පුද්ගලයා නිතර මෙම නිවසේ රැඳී සිටි බව තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.
මෘත ශරීරයේ හිස ආසන්නයේ රුධිර පැල්ලම් නිරීක්ෂණය වන අතර, පාදයේ කැපුම් තුවාලයක් බවට සැක සහිත තුවාලයක් ද නිරීක්ෂණය වූ බව පොලීසිය පවසයි.
මරණය සැකකටයුතු බැවින් විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක වේ.






